මතුගම පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේ දීපසුගිය වසරේ අප්‍රේල් මස 18 වන දින වයස අවුරුදු 34ක් වන කාන්තාවකගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
මතුගම පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතා ඇති අතර සැකකරු සම්බන්ධයෙන් විස්තර සහ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
සැකකරු බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත නම් නො.78/01, ඉහලකන්ද, අගලවත්ත යන ලිපිනයේ පදිංචි අයෙක්.
එම සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය 840321401V බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව පහත ඡායාරූප සිටින මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591701, 071-859438 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.















