AFC Banner
AFC Banner
Empty Ad

ස්වාධීන වුණු නිදහස් පක්ෂය ඇතුළු 41 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම සජිත් හමුවෙයි

ආණ්ඩුවෙන් ස්වාධීන වූ නිදහස් පක්ෂය ඇතුළු 41 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දීම සමගි ජනබලවේගය පක්ෂය සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වූ බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබුණේ.

ජනාධිපතිවරයා සමග අද (10) රාත්‍රීයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර මෙම හමුවීම් සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?