AFC Banner
Empty Ad
Empty Ad

සල්මන්ගේ නිවසට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් දිවි නසාගනී

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට ආයුධ සැපයූ බවට අත්අඩංගුවට ගෙන සිටි දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවේ සිටිය දී සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

පසුගිය අප්‍රේල් 26 වන දින පන්ජාබ් හිදී අත්අඩංගුවට ගත් 32 හැවිරිදි අනුජ් තාපන් නැමති සැකකරු මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිස් ස්ථානයේ වැසිකිළියක් තුළ සැකකරු මෙලෙස සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

අනුජ් තාපන් මෙලෙස සියදිවි නසා ගැනීමට පෙළඹවූයේ කුමන කාරණයක් දැයි විමර්ශනය කරමින් පවතින බවයි ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළේ.

මේ අතරට සල්මන් ඛාන්ගේ වෙඩි තැබූ බව කියන විකී ගුප්තා සහ සාගර් පාල් යන සැකකරුවන් දෙදෙනා ද පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය ඉන්දියාවේ කුප්‍රකට මැර කල්ලියක් වන ලෝරන්ස් බිෂ්නෝයිගේ මැර කල්ලිය විසින් සිදුකර ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?