සල්මන්ගේ නිවසට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් දිවි නසාගනී

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට ආයුධ සැපයූ බවට අත්අඩංගුවට ගෙන සිටි දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවේ සිටිය දී සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

පසුගිය අප්‍රේල් 26 වන දින පන්ජාබ් හිදී අත්අඩංගුවට ගත් 32 හැවිරිදි අනුජ් තාපන් නැමති සැකකරු මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිස් ස්ථානයේ වැසිකිළියක් තුළ සැකකරු මෙලෙස සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

අනුජ් තාපන් මෙලෙස සියදිවි නසා ගැනීමට පෙළඹවූයේ කුමන කාරණයක් දැයි විමර්ශනය කරමින් පවතින බවයි ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළේ.

මේ අතරට සල්මන් ඛාන්ගේ වෙඩි තැබූ බව කියන විකී ගුප්තා සහ සාගර් පාල් යන සැකකරුවන් දෙදෙනා ද පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය ඉන්දියාවේ කුප්‍රකට මැර කල්ලියක් වන ලෝරන්ස් බිෂ්නෝයිගේ මැර කල්ලිය විසින් සිදුකර ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40