AFC Banner
Empty Ad
Empty Ad

සරුංගලයක් නිසා ඝාතන රැල්ලක් – තරුණයෙකු හප්පා මරා දාලා (VIDEO)

මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්ණයක් මුල්කරගනිමින් තුන්දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ පාර්ශවයක තරුණයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මිනුවන්ගොඩ – කොටගෙදර ප්‍රදේශයේදී අද මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි ලක්මාල් ද සිල්වා හෙවත් සුදූ නැමති පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු ඊයේ පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් යතුරුපැදිය ගැටීමට සළස්වා තිබෙනවා. පසුව මරණකරු දිවයන අතරතුර තවත් සැකකරුවන් පිරිසක් ඔහු ලුහුබැද ගොස් මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2017 වසරේ අගෝස්තු 26 වනදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පියෙකු සහ පුතෙකු ඝාතනය කෙරුණු අතර එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා පැමිණි පුද්ගලයෙකු 2018 වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඊයේ ඝාතනයට ලක්වූ තරුණයා එම ඝාතනයේ ප්‍රධාන සැකකරු බව අනාවරණ වී තිබෙනවා.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?