සරුංගලයක් නිසා ඝාතන රැල්ලක් – තරුණයෙකු හප්පා මරා දාලා (VIDEO)

මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්ණයක් මුල්කරගනිමින් තුන්දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ පාර්ශවයක තරුණයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මිනුවන්ගොඩ – කොටගෙදර ප්‍රදේශයේදී අද මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි ලක්මාල් ද සිල්වා හෙවත් සුදූ නැමති පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු ඊයේ පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් යතුරුපැදිය ගැටීමට සළස්වා තිබෙනවා. පසුව මරණකරු දිවයන අතරතුර තවත් සැකකරුවන් පිරිසක් ඔහු ලුහුබැද ගොස් මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2017 වසරේ අගෝස්තු 26 වනදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පියෙකු සහ පුතෙකු ඝාතනය කෙරුණු අතර එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා පැමිණි පුද්ගලයෙකු 2018 වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඊයේ ඝාතනයට ලක්වූ තරුණයා එම ඝාතනයේ ප්‍රධාන සැකකරු බව අනාවරණ වී තිබෙනවා.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56