සයිබර් වංචාවලට රටට ඇතුළු වෙන්න හැදූ චීන්නු පහක් ගුවන්තොටේ දී අල්ලයි

සයිබර් වංචා සිදුකිරීම සදහා මෙරටට ඇතුළුවීමට තැත් කළ බවට තහවුරු වූ චීන ජාතිකයන් 05 දෙනෙකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බවයි වාර්තා වුණේ.

මොවුන් දෑසන 10.30ට  තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අනතුරුව මොවුන් නිශ්කාශන ක්‍රියාවලිය සඳහා පිවිස සිටීමේ දී ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර විමර්ශන සිදුකර තිබෙනවා.

කොළඹ වරාය නගරයේ පිහිටුවා ඇති සමාගමක සේවය කිරීම පැමිණෙන බවට මොවුන් ප්‍රකාශ කරමින් මෙරටට ඇතුළු වීමට තැත් කළ මෙම චීන ජාතිකයන් මෙරට රැදී සිටිමින් රැකියා කිරීම සදහා අවශ්‍ය පූර්ව වාස වීසා ද ලබාගෙන තිබූ බව සඳහන්.

අනතුරුව එම සමාගමේ උසස් නිලධාරීවරයෙකුගෙන් මේ පිළිබද විමසීමේදී , මොවුන් මෙරටට පැමිණීමේ අරමුණු සහ ඔවුන්ගේ රැකියාවල ස්වභාවය පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමට එම නිලධාරීවරයා අසමත් වී තිබෙනවා.

එමෙන්ම ඔවුන් සතුව පැවති එම සමාගම විසින් නිකුත් කර තිබූ රැකියා සඳහා ඇරයුම් ලිපිවල ද පරස්පරතා ද නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම මොවුන් මීට පෙර, සයිබර් අපරාධ වැඩි වශයෙන් පැවති කාම්බෝජයේ සහ පිලිපීනයේ සැකකටයුතු සමාගම්වල ද සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම කරුණු සියල්ල පිළිබද විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව අදාළ චීන ජාතිකයන් පස්දෙනා ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?