සයිබර් වංචාවලට රටට ඇතුළු වෙන්න හැදූ චීන්නු පහක් ගුවන්තොටේ දී අල්ලයි

සයිබර් වංචා සිදුකිරීම සදහා මෙරටට ඇතුළුවීමට තැත් කළ බවට තහවුරු වූ චීන ජාතිකයන් 05 දෙනෙකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බවයි වාර්තා වුණේ.

මොවුන් දෑසන 10.30ට  තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අනතුරුව මොවුන් නිශ්කාශන ක්‍රියාවලිය සඳහා පිවිස සිටීමේ දී ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර විමර්ශන සිදුකර තිබෙනවා.

කොළඹ වරාය නගරයේ පිහිටුවා ඇති සමාගමක සේවය කිරීම පැමිණෙන බවට මොවුන් ප්‍රකාශ කරමින් මෙරටට ඇතුළු වීමට තැත් කළ මෙම චීන ජාතිකයන් මෙරට රැදී සිටිමින් රැකියා කිරීම සදහා අවශ්‍ය පූර්ව වාස වීසා ද ලබාගෙන තිබූ බව සඳහන්.

අනතුරුව එම සමාගමේ උසස් නිලධාරීවරයෙකුගෙන් මේ පිළිබද විමසීමේදී , මොවුන් මෙරටට පැමිණීමේ අරමුණු සහ ඔවුන්ගේ රැකියාවල ස්වභාවය පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමට එම නිලධාරීවරයා අසමත් වී තිබෙනවා.

එමෙන්ම ඔවුන් සතුව පැවති එම සමාගම විසින් නිකුත් කර තිබූ රැකියා සඳහා ඇරයුම් ලිපිවල ද පරස්පරතා ද නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම මොවුන් මීට පෙර, සයිබර් අපරාධ වැඩි වශයෙන් පැවති කාම්බෝජයේ සහ පිලිපීනයේ සැකකටයුතු සමාගම්වල ද සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම කරුණු සියල්ල පිළිබද විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව අදාළ චීන ජාතිකයන් පස්දෙනා ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14