AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍ය කැළඹු ත්‍රීවිල් රියදුරු රැකියාවේ නිරත මයික්‍රොසොෆ්ට් ඉංජිනේරුවා

ත්‍රිරෝද රථ රියදුරු රැකියාවේ නිරත මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඉංජිනේරුවෙකු පිළිබඳව මේ දිනවල ඉන්දියාව පුරා දැඩි ලෙස කතාබහට ලක්වනවා.

බැංගලෝරයේ ජීවත්වන තාක්ෂණවේදියෙකු වන වෙන්කටේෂ් ගුප්තා නැමැත්තා එක්ස් සමාජ මාධ්‍යයේ පළකළ ඡායාරූපයක් සමඟ මෙම ත්‍රිරෝද රථ රියදුරා පිළිබදව මෙලෙස අවදානයට ලක්ව තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරු රැකියාවේ නිරතවන මයික්‍රොසොෆ්ට් ඉංජිනේරුවරයාගේ ඡායාරූපයක්, වෙන්කටේෂ් ගුප්තා නැමැත්තා මෙලෙස සිය එක්ස් ගිණුමට එක්කර ඇති බව සඳහන්.

එම ඡායාරූපය පළකරමින් වෙන්කටේෂ් ගුප්තා පවසා ඇත්තේ, “මයික්‍රොසොෆ්ට් හි 35 හැවිරිදි මාණ්ඩලික මෘදුකාංග ඉංජිනේරුවෙකු හමු විය. සති අන්තයේ තනිකමට එරෙහිව සටන් කිරීමට කෝර්මංගල දී නම්මා යාත්‍රී ධාවනය කරයි.” යනුවෙන්.

අදාළ ඉංජිනේරුවා මයික්‍රොසොෆ්ට් ආයතනයේ ලෝගුව සහිත ජර්සියක් පැළඳ ත්‍රිරෝද රථ රියදුරු අසුනේ අසුන්ගෙන සිටින ආකාරය එම ඡායාරූයේ දැක්වෙනවා.

ඇතැම් එක්ස් පරිශීලකයන් ඔහුගේ තනිකම පිළිබඳව සංවේදනය කළ අතර, තවත් පුද්ගලයින් පුදුමයට පත්ව තිබුණා.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
15
+1
3
+1
4
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?