සමනල වැවෙන්, උඩවලවට ජලය මුදාහැරීම ගැන යෝජනාව කැබිනට්ටුවට

සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදාහැරීම සම්බන්ධ යෝජනාව හෙට (07) යළි කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජනාධිපතිවරයා සමඟ ඊයේ දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට අඩු මට්ටමකට බැස ඇති බවයි වාර්තා වන්නේ.

උඩවලව ජලාශයෙන් ගොවිතැන් කළ කුඹුරු අක්කර 65,000ක් පමණ ජලය නොමැතිවීම හේතුවෙන් විනාශ මුඛයක යමින් පවතින බවයි ගොවින් පවසන්නේ.

සිය වගාවන්ට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති අතර, 14 වන දිනටත් අද දිනයේ දී එය ක්‍රියාත්මකයි.

මේ අතර සමනල වැවෙන් ගොවිබිම්වලට ජලය මුදාහැරීම පිළිබඳව ඉකුත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කෙරුණා.

එලෙස සමනල වැවෙන් ගොවිබිම්වලට ජලය ලබා දුන්නොත් දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනට දිනකට පැය හතරක විදුලි කප්පාදුවක් සිදු කීරීමට සිදුවන බවයි විදුලි බල ඇමති කංචන විජේසේකර පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?