ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු පසු කිරීමට නොහැකි වූ දරුවාගේ ආත්ම ශක්තිය දුරු නොකරන ලෙසට දැනුම්දීමක් (වීඩියෝ)

තම දරුවාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙස බලා, ඉන් පීඩාවට පත් වී කඩයිම ජයගත් දරුවන්ගේ ප්‍රතිඵල හා සංසන්දනය කරමින් සිය දරුවන් ව මානසික ව හා ශාරීරික හිංසනයන්ට ලක් නොකරන ලෙසට ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

2024 වර්ෂයට අදාළ ව පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) රාත්‍රියේ දී නිකුත් වූ අතර ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණට පැමිණීමට හෝ එය ඉක්මවා යාමට නොහැකි වූ දරුවන් හට ඔවුන්ගේ ආත්ම ශක්තිය ප්‍රහීන වන ආකාරයෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් හෝ කටයුතු නොකළ යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ.

එමෙන්ම අදාළ ප්‍රතිඵලය ගැන දරුවන් දිගින් දිගටම දුක් වන්නේ නම්, රාත්‍රියට හරි හැටි නිදා නොගන්නේ නම්, මානසිකව එය ම පවසමින් කටයුතු කරන්නේ නම් වඩාත් තම දරුවා ගැන සැලකිලිමත් විය යුතු බව ද රූමි රූබන් මහතා කියා සිටියා.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් බලාපොරොත්තු වූ පරිදි ලකුණු නොලැබුණ ද දරුවන්ගේ දෙමාපියන් ද ඉන් අනවශ්‍ය ලෙස සිත් තැවුලට හෝ මානසික ආතතියට පත් නොවන ලෙසටයි වෛද්‍යවරයා දැනුම්වත් කර සිටින්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු පසු කිරීමට නොහැකි වුවත්, කිසිම විටෙක තම දරුවාට දක්වන ආදරය, මිත්‍රත්වය, ඇහුම්කන් දීම දුරස් නොකළ යුතු බවට තරයේ දෙමාපියන්ට අවවාද කරන විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා කියා සිටින්නේ තම දරුවා ප්‍රිය කරන විනෝද ගමනක් හෝ වෙන යම් දෙයක් ලබාදීමෙන් ඔහු හෝ ඇයට ඇති ආදරය පෙන්වීම මෙවන් අවස්ථාවක දරුවාගේ අනාගත අභිවෘද්ධියට බලපානු ඇති බවයි.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් ව අනවශ්‍ය ලෙස අගය කිරීම් නොකර අවශ්‍ය පරිදි අගය කර, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු අවසන් වන තෙක් ඒ පසුපස අවධානයෙන් සිටිමින් උනන්දු කිරීම දෙමාපියන්ගේ වගකීමක් බව ද රූමි රූබන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?