ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු පසු කිරීමට නොහැකි වූ දරුවාගේ ආත්ම ශක්තිය දුරු නොකරන ලෙසට දැනුම්දීමක් (වීඩියෝ)

තම දරුවාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙස බලා, ඉන් පීඩාවට පත් වී කඩයිම ජයගත් දරුවන්ගේ ප්‍රතිඵල හා සංසන්දනය කරමින් සිය දරුවන් ව මානසික ව හා ශාරීරික හිංසනයන්ට ලක් නොකරන ලෙසට ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

2024 වර්ෂයට අදාළ ව පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) රාත්‍රියේ දී නිකුත් වූ අතර ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණට පැමිණීමට හෝ එය ඉක්මවා යාමට නොහැකි වූ දරුවන් හට ඔවුන්ගේ ආත්ම ශක්තිය ප්‍රහීන වන ආකාරයෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් හෝ කටයුතු නොකළ යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ.

එමෙන්ම අදාළ ප්‍රතිඵලය ගැන දරුවන් දිගින් දිගටම දුක් වන්නේ නම්, රාත්‍රියට හරි හැටි නිදා නොගන්නේ නම්, මානසිකව එය ම පවසමින් කටයුතු කරන්නේ නම් වඩාත් තම දරුවා ගැන සැලකිලිමත් විය යුතු බව ද රූමි රූබන් මහතා කියා සිටියා.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් බලාපොරොත්තු වූ පරිදි ලකුණු නොලැබුණ ද දරුවන්ගේ දෙමාපියන් ද ඉන් අනවශ්‍ය ලෙස සිත් තැවුලට හෝ මානසික ආතතියට පත් නොවන ලෙසටයි වෛද්‍යවරයා දැනුම්වත් කර සිටින්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු පසු කිරීමට නොහැකි වුවත්, කිසිම විටෙක තම දරුවාට දක්වන ආදරය, මිත්‍රත්වය, ඇහුම්කන් දීම දුරස් නොකළ යුතු බවට තරයේ දෙමාපියන්ට අවවාද කරන විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා කියා සිටින්නේ තම දරුවා ප්‍රිය කරන විනෝද ගමනක් හෝ වෙන යම් දෙයක් ලබාදීමෙන් ඔහු හෝ ඇයට ඇති ආදරය පෙන්වීම මෙවන් අවස්ථාවක දරුවාගේ අනාගත අභිවෘද්ධියට බලපානු ඇති බවයි.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් ව අනවශ්‍ය ලෙස අගය කිරීම් නොකර අවශ්‍ය පරිදි අගය කර, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු අවසන් වන තෙක් ඒ පසුපස අවධානයෙන් සිටිමින් උනන්දු කිරීම දෙමාපියන්ගේ වගකීමක් බව ද රූමි රූබන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18