Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විදේශගත කරන බව පවසා මුදල් එකතු කළ සැකකරුවෙක් අත්අඩංගුවට

මැදපෙරදිග සහ නවසීලන්තයේ ඉහළ වැටුප් තලයේ රැකියාවලට යවන බවට AI තාක්ෂණය ඔස්සේ වෙළඳ දැන්වීම් නිර්මාණකර පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එලෙස රු.ලක්ෂ 7ක මුදලක් ලබා ගෙන එම පුද්ගලයන් විදේශගත නොකළ බවට ලැබුණු පැමිණිල්ක් මත අදාල පුද්ගලයා, හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් වෙත (23) දින ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවෙනවා.

සිද්ධියට අදාල නඩුව එළැඹෙන දෙසැම්බර් 10 වැනිදා (12/01) කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කැකිරාව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රාසික් මොහොමඩ් නිපුන් නැමති 44 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ඇපමත මුදාහැර ඇති බවට වාර්තාවෙනවා.

සැකකරු AI තාක්ෂණය ඔස්සේ වෙළද දැන්වීමක් නිර්මාණය කර එම වෙළද දැන්වීම ඔහුගේ මුහුණ පොත ඔස්සේ පල කර හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුගෙන් රු. ලක්ෂ 07ක මුදල් තම ගිණුමට බැර කරගෙන ඇති බව හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිළධාරින් සිදු කල මූලික පරික්ෂණවලදී අනාවරණය වී තිබුණා.

සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිළධාරින් සිදුකළ දැනුම්දීමක් මත කැකිරාව පොලිසිය විසින් සැකකරු අත්අංඩගුවට ගෙන දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිළධාරින්, කැකිරාව වෙත ගොස් සැකකරු රැගෙන විත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළා.