බොරැල්ල හරස් මාර්ගයේ පිහිටි හෝටලයක ඊයේ (23) රාත්‍රියේ හදිසි ගින්නක් හටගත්තා.
ගින්න පාලනයට ගිනි නිවීමේ රථ හතරක් යොදවා තිබූ අතර, ඒ අනුව ගින්න පැතිරීමට පෙර පාලනය කර ගැනීමට හැකියාව ලැබුණා.
මේ අතර ගින්නෙන් පසු අද (24) උදෑසන SOCO නිලධාරීන් පැමිණ ගිනිගත් හෝටලයේ ස්ථානීය පරීක්ෂණය සිදු කළා.
ඊයේ (23) රාත්‍රී 8.30ට පමණ හෝටලයේ මුළුතැන්ගෙය තුළ මෙම ගින්න හටගෙන තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ, වනවිටත් හෝටලය තුළ සිටි විදේශිකයින් හයදෙනෙකු සිට ඇති අතර ඔවුන්ව නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව තිබුණා.
එලෙස බේරාගත් විදේශිකයින් වෙනත් හෝටලයක් වෙත යොමු කිරීමටයි පසුව පියවර ගෙන ඇත්තේ.
ගින්නෙන් අදාළ හෝටලයේ මුළුතැන්ගෙය තුළ තිබූ භාණ්ඩ සියල්ල විනාශ වී තිබෙනවා.
සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි සැකපල කරන්නේ.
