Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නිවෙස් හිමියන් සූක්ෂ්මව රවටා රන් භාණ්ඩ කොල්ල කෑ කාන්තාවක් අත්අඩංගුවට

පිටිගල පොලිස් වසමේ නිවෙස් හිමින් සූක්ෂ්මව රවටා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ කාන්තාවක් පිටිගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිටිගල ගොඩාමුණ ප්‍රදේශයේ කාන්තාවක් ( 41) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවෙනවා.

ගොඩාමුණ ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඉතාම ෂුක්ෂම ලෙස නිවාස වල අය සමග හිතවත් වී එම නිවෙස් වල යතුරු වලින්ම දොර විවෘත කර එම නිවාස වල තිබු රන් භාණ්ඩ නීවෙස් හිමි අයට නොදැනෙන ලෙස ටික ටික සොරකම් කරගෙන තිබෙන විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.

ඉන් එක් නිවසක රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය කළ විමර්ශනයේදී එම නිවස ඉදිරිපිට නිවසේ පදිංචි විශ්‍රාමික යුද හමුදා කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී දොර යතුරෙන් විවෘත කර මෙම කාන්තාව ඉතා සුක්ෂම ලෙස නිවාස වලට ඇතුළුවී රන් භාණ්ඩ සොරකම් කළ බව පොලිසියට අනාවරණය වී ඇති බවට වාර්තාවෙනවා.

සොරා ගත් රන් භාණ්ඩ පිටිගල ප්‍රදේශයේ බැංකුව වලට උකස් කර පසු ඒවා සින්න වෙන්න යන බව පවසා රන් ආභරණ උකස් ගන්නා ස්ථාන වලට අලෙවිකර මුදල් ලබාගෙන එම මුදල් වලින් විනෝද චාරිකා, හාර හාර ඔප්පු කිරීම, දානයක් දීම සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එලෙස ඇය විසින් සොරකම් කරන ලද රන් භාණ්ඩවල වටිනාකම ලක්ෂ 21ක් බවට අනාවරණය වෙනවා.

ඒ අතරම, බද්දේගම තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි (25,22 වයස්වල) යුවලක් ඇල්පිටිය කැටන්දොල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් කල කාන්තාවගේ ගෙල බැඳි මාලය කඩාගෙන යාම සහ බද්දේගම ප්‍රාදේශයේ රන්මාල දෙකක් සොරකමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවෙනවා. ඔවුන් මෙම සොරකම් දෙක සදහා යතුර පැදි දෙකක් භාවිතා කර ඇත බව පිටිගල පොලිසිය ප්‍රකාශ කරනවා. එම යතුරුපැදි දෙක පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් තිදෙනා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තාවෙනවා.