ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ

පාකිස්ථානය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද ආරම්භ වනවා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (11) මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරගයක් පැවැත්වෙන්නේ 2023 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසුවවීම ද විශේෂත්වයක්.

වසර දෙකකට පසු පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම එක්දින තරගය පාකිස්ථානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙනවා.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 1975 වසරේ සිට මේ දක්වා එක්දින තරග 157ක් පවත්වා ඇති අතර, ඉන් තරග 93ක් පාකිස්ථානයත් තරග 59ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
7
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?