ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියාවේ ක්‍රිකට් ශූරියන් ලෙස කිරුළු පළඳියි

2024ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය කඩුලු 08කින් ජය ගනිමින්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයක් ජයග්‍රහණය කළේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පාළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී 165ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ස්මෘති මන්දනා පන්දු 47ක් තුළ ලකුණු 60ක් රැස් කරමින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුණා.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි කඩුලු 02ක් බිද දැමුවා.

අනතුරුව ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකාරිණියන් යුගලය පිටියට පිවිසියා.

විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භ කඩුල්ල ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමෙන් පසු චමරි අතපත්තු සමග එක් වූ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ මාවත සකසා දුන්නා.

ලකුණු 61ක් රැස්කරගෙන සිටි චමරි දෙවන කඩුල්ල ලෙස දැවීයාමෙන් පසු හර්ෂිතා සමග කඩුල්ලට එක් වුණේ.
කවීෂා දිල්හාරියි.

ඔවුන් දෙදෙනා එක්ව තුන්වන කඩුල්ලට වටිනා ලකුණු 73ක සබදතාවක් ගොඩනැගීමට සමත් වුණා.

අවසන් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රණයේ වීරවරිය වූ හර්ෂිතා නොදැවී ලකුණු 69ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ 19 වන පන්දුවාරයේ 04 වන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් හර්ෂිතා ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයග්‍රහණයක් රැගෙන ආවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි විස්ස තරගයක දී හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසට මෙම ලකුණු 166 වාර්තා පොත් අතරට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
1
+1
53
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?