ට්‍රම්ප් ඝාතනයට සැරසුණු පාකිස්තානුවෙක් ඇමෙරිකාවේ දී වරදකරු කෙරේ

ඉරානය සමඟ සබඳතා ඇති පකිස්ථානු ජාතිකයෙකු ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඇමරිකානු දේශපාලනඥයන් සහ නිලධාරීන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වැරදිකරු කර තිබෙනවා.

47 හැවිරිදි අසිෆ් මර්චන්ට්, ඇමරිකාවේ ප්‍රමුඛ නිලධාරීන් ඝාතනය කිරීම සඳහා නිව්යෝර්ක්හි ඝාතකයෙකු කුලියට ගෙන ඇති අතර 2024 දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉලක්ක කර ඇතැයි සඳහන්.

ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මධ්‍යයේ බෘක්ලින් හි සතියක් පුරා පැවති නඩු විභාගයකින් පසු, ෆෙඩරල් ජූරි සභාවක් මිනීමැරීම කුලී ඝාතකයෙක් යොදා ගැනීම සහ ජාතික සීමාවන් ඉක්මවා ත්‍රස්තවාදයට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහුව වරදකරු කළා.

මේ සඳහා වන දඬුවම ජීවිතාන්තය දක්වා සිරගත කිරීමක් විය හැකියි.

ඉරානයේ කාලය ගත කිරීමෙන් පසු 2024 අප්‍රේල් මාසයේ දී අසිෆ් මර්චන්ට් පාකිස්ථානයේ සිට එක්සත් ජනපදයට පැමිණ තිබෙනවා.

නඩු විභාගයේදී, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඔහුව දේශපාලන ඝාතන සංවිධානය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට එවූ බවත්, ඔහුගේ හසුරුවන්නා ට්‍රම්ප්, හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ට්‍රම්ප් කැබිනට් නිලධාරිනී නිකී හේලි ඝාතනය කිරීමට තමාට උපදෙස් දුන් බවත් මර්චන්ට් පිළිගත් බව මාධ්‍ය වාර්තා කළා.

මෙම කුමන්ත්‍රණය 2020 දී ඉරානයේ ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ මරණයට පළිගැනීම සඳහා ක්‍රියාත්මක වූ බවත් ඔහු පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11