කුවේට් ගුවන් තොටුපොළේ ගින්න පාලනය කරයි – සමාජ ආරක්ෂණ කාර්යාල ගොඩනැගිල්ලේත් ගින්නක්

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගින්නක් හටගත් බව කුවේට් බලධාරීන් පවසනවා.

අද උදෑසන කුවේට් ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකිවල ඇති වූ ගින්න පාලනය කිරීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර කුවේටයේ සමාජ ආරක්ෂණ කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න නිවා දැමීමට ගිනි නිවීමේ කණ්ඩායම් තවමත් උත්සාහ දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉරානයේ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් අනතුරුව සමාජ ආරක්ෂණ කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

මේ අතර කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද (08) උදෑසන දේශසීමා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බව නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11