ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියාවේ ක්‍රිකට් ශූරියන් ලෙස කිරුළු පළඳියි

2024ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය කඩුලු 08කින් ජය ගනිමින්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයක් ජයග්‍රහණය කළේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පාළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී 165ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ස්මෘති මන්දනා පන්දු 47ක් තුළ ලකුණු 60ක් රැස් කරමින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුණා.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි කඩුලු 02ක් බිද දැමුවා.

අනතුරුව ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකාරිණියන් යුගලය පිටියට පිවිසියා.

විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භ කඩුල්ල ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමෙන් පසු චමරි අතපත්තු සමග එක් වූ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ මාවත සකසා දුන්නා.

ලකුණු 61ක් රැස්කරගෙන සිටි චමරි දෙවන කඩුල්ල ලෙස දැවීයාමෙන් පසු හර්ෂිතා සමග කඩුල්ලට එක් වුණේ.
කවීෂා දිල්හාරියි.

ඔවුන් දෙදෙනා එක්ව තුන්වන කඩුල්ලට වටිනා ලකුණු 73ක සබදතාවක් ගොඩනැගීමට සමත් වුණා.

අවසන් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රණයේ වීරවරිය වූ හර්ෂිතා නොදැවී ලකුණු 69ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ 19 වන පන්දුවාරයේ 04 වන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් හර්ෂිතා ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයග්‍රහණයක් රැගෙන ආවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි විස්ස තරගයක දී හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසට මෙම ලකුණු 166 වාර්තා පොත් අතරට එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14