මෙරට මුහුදු සීමාවට ආසන්නයේ ඇති ඉරාන නෞකාව ගැන තොරතුරු හෙළිවෙයි – නෞකා තුනක් ඇවිත්

මෙරට මුහුදු සීමාවට ආසන්නයේ මේ වනවිට රැඳීසිටින ඉරාන නෞකාව ද ඉන්දියාවේ පැවති බහු­පා­ර්ශ්වික නාවික අභ්‍යා­ස­යට සහභාගී වූ නෞකාවක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ, නෞකාව මඟින් නැවේ එන්ජින් දෝෂයක් සිදුව ඇති බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි.

ඒ, අනුව නෞකාව මෙරට වරායකට කැඳවන ලෙසට ඉල්ලා සිටි බවයි තොරතුරු වාර්තා කරන්නේ.

මේ අතර මෙම බහු­පා­ර්ශ්වික නාවික අභ්‍යා­ස­ය සඳහා ඉරාන යුද නෞකා තුනක් සහභාගී වී ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.

එම ඉරාන නෞකා තුනෙන් එක් යාත්‍රාවක් ඊයේ (04) ඇමරිකානු සබ්මැරින් ප්‍රහාරයකට ලක්ව විනාශ වී මුහුදුබත් වුණා.

මේ අතර දෙවන නෞකාව සම්බන්ධයෙන් රජය සියලු කරුණු දන්නා බවත්, මෙම ගැටළුව විසඳීමට, ජීවිත හානි අවම කිරීමට සහ කලාපීය සාමය ආරක්ෂා කිරීමට රජයක් ලෙස මැදිහත් වන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (05) පාර්ලිමේන්තුවට පැවසුවා.

  1. ඉරාන පලස්තීන isis මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට අනුබල අනුග්‍රහය සපයනු එපා. එය රටේ ත්‍රිවිධ හමුදාව හා ජනතාව ගේ ජීවිත අවධානම ඇති කරයි. ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන ට රිංගා ඇති isis ත්‍රස්තවාදීන්ට දැන් අවශ්‍ය ලංකාවේ නො1 තරුණ ත්‍රිවිධ හමුදාව විනාශ කර උන්ගේ බහුතරය ඉරානයෙන් නැව් පිටින් ගෙන්වා ලංකාව තුල හදාගෙන ලංකාව ආක්‍රමණය කර උන්ගේ ගුබ්බෑයම ස්ථාපිත කිරීමටය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21