ඉරාන බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරය ඉරානය විසින්ම සිදුකළ ප්‍රහාරයක් – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ 20,000 කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට අලෙවි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සමාලෝචනයකින් තොරව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම අනුමැතිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හදිසි අවශ්‍යතාවක් සේ සළකා ඊට අදාළ අනුමැතිය දුන් බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළේ.

ඊශ්‍රායලය ඉදිරියේ දී සෘජු වාණිජ ගනුදෙනුවක් හරහා තවත් ඩොලර් මිලියන 298ක් වටිනා යුධෝපකරණ මිලදී ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය සතියේ සෙනසුරාදා (01) දකුණු ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා අදහස් දක්වා තිබෙනවා.

එයාර් ෆෝස් වන් යානයේ වාර්තාකරුවන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ඔහු පවසා ඇත්තේ, එම ප්‍රහාරය ඉරානය විසින්ම සිදුකරන ලද්දක් බවයි.

ට්‍රම්ප් නැවත අවධාරණය කළේ, “අපි හිතන්නේ එය ඉරානය විසින් සිදු කරන ලද්දක් කියලා ඔබ දන්නා පරිදි, ඔවුන්ගේ ආයුධ සමඟ ඒවා ඉතා සාවද්‍යයි. ඔවුන්ට කිසිදු නිරවද්‍යතාවයක් නැහැ. එය ඉරානය විසින් සිදුකරන ලද ප්‍රහාරයක්” යනුවෙන්.

මේ අතර පසුගිය සතියේ, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අවධාරණය කළේ, ඇමරිකා එක්සත් ජනපදය හිතාමතාම පාසලක් ඉලක්ක නොකරනු ඇති බවයි.”

පසුගිය සතියේ සෙනසුරාදා (01) දකුණු ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් 170 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බවයි ඉරාන බලධාරීන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42