AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ තීරණයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ අදියර ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරග වලදී ‘සී’ සහ ‘ඩී’ පහළ ප්‍රේක්ෂකාගාර නොමිලේ තරග නැරඹීම විවෘතව තැබෙනු ඇති බවයි ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

මෙහිදී පිවිසුම් අංක 06 හරහා සී සහ ඩී යන කුටිවලට ඇතුළුවිය හැකි වන අතර එය පස්වරු 1 සිට විවෘතව තැබෙනවා.

මේ අතර සී සහ ඩී ඉහළ මහළ සඳහා රුපියල් 300ක මුදලක්ද, ඒ සහ බී. පහළ සදහා රුපියල් 500 ක්ද, ඉහළ සදහා රුපියල් 750 ක්ද අය කරනු ඇති.

මීට අමතරව ග්‍රෑන්ඩ් ස්ටෑන්ස් ප්‍රවේශ පත්‍ර රුපියල් 1500 ක මුදලකට අලෙවි කෙරෙන බවයි ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?