ඉන්දියාව සමඟ විස්සයි විස්ස සහ එක්දින තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා.
ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ අද සවස 05.10ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව ගිය බවයි.
විස්සයි විස්ස තරග තුනකින් සහ එක් දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය සදහා ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකු ඇතුළත් 32 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටිනවා.
විස්සයි විස්ස තරග එළඹෙන ජනවාරි 03 දින මුම්බායි හිදී ආරම්භවන අතර, ජනවාරි 05 දින පූනේ සහ ජනවාරි 07 දින රාජ්කොට් හීදී දෙවන සහ තෙවන විස්සයි විස්ස තරග පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව එක්දින තරගාවලිය ලබන 10 වනදා ගුවහති හිදී ආරම්භ වන අතර, දෙවන එක්දින තරගය ජනවාරි 12 දින කොල්කටා හිදී සහ තුන්වන එක්දින තරගය ජනවාරි 15 වනදා ත්‍රිවේන්ද්‍රම් හිදී පැවැත්වෙනවා.
Update – Saturday, December 31, 2022, 5.29PM
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යෑමට කොළඹින් ගමන් අරඹයි
ඉන්දියාව සමඟ ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස සහ එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
මෙම තරග සංචාරය සඳහා එක්වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සීමිත ඕවර සංචිතය අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පිටත් වුණා.
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 03 වනදා මුම්බායි හිදී ආරම්භ වීමට නියමිතයි.
ඉන් අනතුරුව තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වනදා ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා.












