AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞතචිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත් ක‍ර තිබෙනවා.

ඔහුගේ පත් කිරීම අද සිට ක්‍රියාත්මක බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් භෞත චිකිත්සාව පිළිබඳ ගෞරව උපාධියක් සහ ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් උසස් භෞත චිකිත්සාව පිළිබඳ MSc උපාධියක් ලබා ඇති ක්‍රිස්, එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියා මෙන්ම ප්‍රධාන භෞතචිකිත්සකවරයා ද ලෙස කටයුතු කළා.

ඔහු ඕස්ට්‍රේලියානු එක්දින සංචාරයකදී එංගලන්ත පිරිමි කණ්ඩායම සමඟ ද කටයුතු කළ අතර එහි ජ්‍යෙෂ්ඨ භෞතචිකිත්සකවරයා ලෙස ද සේවය කළා .

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ ඔහුගේ පළමු නිල සංචාරය වනුයේ එළඹෙන ඉන්දීය සංචාරයයි.

ක්‍රිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වසර දෙකක කොන්ත්‍රාත්තුවකටයි එළඹ ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?