ශ්‍රී ලංකා කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞතචිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත් ක‍ර තිබෙනවා.

ඔහුගේ පත් කිරීම අද සිට ක්‍රියාත්මක බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් භෞත චිකිත්සාව පිළිබඳ ගෞරව උපාධියක් සහ ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් උසස් භෞත චිකිත්සාව පිළිබඳ MSc උපාධියක් ලබා ඇති ක්‍රිස්, එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියා මෙන්ම ප්‍රධාන භෞතචිකිත්සකවරයා ද ලෙස කටයුතු කළා.

ඔහු ඕස්ට්‍රේලියානු එක්දින සංචාරයකදී එංගලන්ත පිරිමි කණ්ඩායම සමඟ ද කටයුතු කළ අතර එහි ජ්‍යෙෂ්ඨ භෞතචිකිත්සකවරයා ලෙස ද සේවය කළා .

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ ඔහුගේ පළමු නිල සංචාරය වනුයේ එළඹෙන ඉන්දීය සංචාරයයි.

ක්‍රිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වසර දෙකක කොන්ත්‍රාත්තුවකටයි එළඹ ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36