ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍තරගාවලියට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ලබන 22 වැනිදා සිට ආරම්භ වනවා.

ඒ අනුව එම එක්දින තරගාවලිය පැවැත්වෙන 22, 24, 27 යන දිනයන්වලදී තරගාවලිය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට ශ්‍රී ලංකා පොලිසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා

ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනයන්හිදි කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පහත සඳහන් මාර්ගයන්හි ඇති විය හැකි රථවාහන අවහිරතාවය අවම කර ගැනීම සඳහා දහවල් 12.00 සිට තරඟ අවසන් වන තෙක් එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාව වෙත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය දන්වා සිටිනවා.

කෙසේ නමුත් එම දිනයන්හිදී මෙම මාර්ග වැසීම හෝ ගමනාගමනය සීමා කිරීමක් සිදු නොකරන අතර සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා අවස්ථාව සලසන බවත් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?