ශ්‍රී ලංකාව සමඟ සීමිත පන්දුවාර තරගාවලියකට ඉන්දියාවේ කැමැත්ත හිමිවෙයි ද ?

එළඹෙන අගෝස්තු මාසයේ මුල දී ඉන්දියාව සමඟ සීමිත පන්දුවාර තරගාවලියක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගවේෂණය කරමින් සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡා මේ සතියේ අග සිංගප්පූරුවේ දී පැවැත්වෙන අයි.සී.සී රැස්වීම්වලට සමගාමීව සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමමෙන් පසු ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව උදාවී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර එම කාල සීමාවේ සැලසුම් කර තිබූ තරග 06ක සීමිත ඕවර තරගාවලිය කල් දැමීමට දෙරටම එකඟවීමත් සමඟ ඉන්දියාව මෙරටට කැඳවා ගැනීමට අවස්ථාවක් හිමිව පවතිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට කෙටි ද්විපාර්ශ්වික තරගාවලියක් යෝජනා කර ඇති බවයි වාර්තා වුණේ.

මේ සඳහා ඉන්දියාවේ කැමැත්ත හිමිවුවහොත් තරගාවලිය කොළඹ සහ මහනුවර පැවැත්වීමට වැඩි ඉඩක් පවතිනවා.

මෙහි මූලික යෝජනාවට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් වුවද, ලබන වසරේ පෙබරවාරි, මාර්තු මාසවල පැවැත්වීමට නියමිත ICC විස්සයි විස්ස ලෝක කුසලානය සැලකිල්ලට ගෙන,විස්සයි විස්ස තරග කෙරෙහි වැඩි අවදානයක් යොමුවනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?