ශ්‍රී ලංකාව සමඟ සීමිත පන්දුවාර තරගාවලියකට ඉන්දියාවේ කැමැත්ත හිමිවෙයි ද ?

එළඹෙන අගෝස්තු මාසයේ මුල දී ඉන්දියාව සමඟ සීමිත පන්දුවාර තරගාවලියක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගවේෂණය කරමින් සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡා මේ සතියේ අග සිංගප්පූරුවේ දී පැවැත්වෙන අයි.සී.සී රැස්වීම්වලට සමගාමීව සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමමෙන් පසු ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව උදාවී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර එම කාල සීමාවේ සැලසුම් කර තිබූ තරග 06ක සීමිත ඕවර තරගාවලිය කල් දැමීමට දෙරටම එකඟවීමත් සමඟ ඉන්දියාව මෙරටට කැඳවා ගැනීමට අවස්ථාවක් හිමිව පවතිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට කෙටි ද්විපාර්ශ්වික තරගාවලියක් යෝජනා කර ඇති බවයි වාර්තා වුණේ.

මේ සඳහා ඉන්දියාවේ කැමැත්ත හිමිවුවහොත් තරගාවලිය කොළඹ සහ මහනුවර පැවැත්වීමට වැඩි ඉඩක් පවතිනවා.

මෙහි මූලික යෝජනාවට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් වුවද, ලබන වසරේ පෙබරවාරි, මාර්තු මාසවල පැවැත්වීමට නියමිත ICC විස්සයි විස්ස ලෝක කුසලානය සැලකිල්ලට ගෙන,විස්සයි විස්ස තරග කෙරෙහි වැඩි අවදානයක් යොමුවනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20