spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම රටවල් අතරට

ලෝකයේ රටවල ආරක්‍ෂිත සංචාරක ස්ථාන හා සංචාරක කටයුතු සඳහා අදාළ රටවලින් ලබාදෙන අංගසම්පුර්ණ පහසුකම්වලින් සපිරි සත්කාරක සේවා සැලකිල්ලට ගනිමින් සංචාරය කිරීම සඳහා සුදුසු රටවල් ලැයිස්තු ගත කරනා ඇමෙරිකානු ෆොර්බ්ස් සංචාරක සඟරාව 2023 වසර සඳහා වූ සංචාරක ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.

ඒ අනුව මේ වසරේ සංචාරය කිරීම සඳහා සුදුසුම රටවල් 23ක් එම සඟරාව විසින් නම් කර ඇති අතර ඊට ශ්‍රී ලංකාවද ඇතුළත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව, නම්කර තිබෙන්නේ ජුලියානා බ්‍රොස්ටේ විසිනි.

නෙළුම් කුළුණේ සිට සීගිරිය දක්වා වූ ස්ථාන රැසක් ජුලියානාගේ ඇගැයීමට ලක්ව තිබෙනවා.

ඊට අමතරව, ලංකාවේ මුහුදු වෙරළ සහ වනෝද්‍යාන පිළිබදව මෙන්ම තේ වතු සහ මග දෙපස සිටින තැඹිලි වෙළෙන්ඳන් ඇතුළුව තවත් බොහෝ දේ පිළිබදව ඇගේ විශේෂ අවධානය යොමු වී තිබූ බවයි වාර්තා වන්නේ.

වනාන්තර සහ වන සතුන් නැරඹීමට ප්‍රිය කරන සංචරිකයින්හට අප්‍රිකාවෙන් පිටත පිහිටි ඇති හොඳම රට ශ්‍රී ලංකාව බවද ෆොර්බ්ස් සඟරාව සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?