spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතර ශික්ෂණ රෝහලේ විශ්මිත සැත්කමක්

වකුගඩු දෙකෙහිම තැනින් තැන විසිරුණු විශාල ගල් ප්‍රමාණයක් එකවර ඉවත් කිරීමේ සාර්ථක සැත්කමක් කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සිදුකර තිබෙනවා.

මේ සඳහා රජයේ රෝහල්වල මෙතෙක් භාවිතයට නොගන්නා විශේෂිත Disposable Flexible Yuritroscope උපකරණය යොදාගනිමින් මෙම සැත්කම සිදුකර තිබීම විශේෂත්වයක්.

ඉතා විශාල කැපුම් සහිත විවෘත සැත්කමක් මඟින් ඉවත් කළ යුතු මෙම ගල් මෙවර ඉතා කුඩා විවරයක් තුළින් යවන ලද මෙම උපකරණය යොදාගෙන සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් සැත්කමින් පසු ඉතා රෝගියාට කෙටි දිනකින් නැවත රෝහලෙන් පිටව ගොස් පෙර පරිදි එදිනෙදා වැඩකටයුතු සිදුකර ගැනීමේ හැකියව පවතිනවා.

කළුතර දිස්ත්‍රික් මහා රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලණ පරණ පල්ලියගුරුගේ ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම විශ්මිත සැත්කම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?