spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඛේදවාචකයකින් අවසන් වූ ෆොක්ස් හිල් තරගාවලියෙන් පසු DJ ප්‍රසංගයක්

ඛේදවාචකයකින් අවසන් වූ දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසු ඊයේ (21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ෆොක්ස් තරගාවලියට සමගාමීව පවත්වා ඇති මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය බණ්ඩාරවෙල ජාතික නිවාඩු නිකේතන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම ප්‍රසංගය සඳහා 400කට වැඩි පිරිසක් සහභාගීව සිට ඇති අතර, ෆොක්ස් හිල් තරගාවලියට සහභාගී වූ තරගකරුවන් සහ ඔවුන්ගේ කණ්ඩායම් මෙන්ම තරගාවලිය නැරඹීමට පැමිණ සිටි පිරිස් ද මේ සඳහා එක්ව තිබෙනවා.

ඊයේ (21) රාත්‍රී 9.00ට පමණ ආරම්භ වූ මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය අද (22) අලුයම කාලය දක්වා අධික ඝෝෂාකාරී ලෙස පැවති බව අවට ප්‍රදේශවාසීන් සඳහන් කළා.

පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කර තිබූ මෙම ප්‍රසංගය සඳහා ඇතුළුවීමට ටිකට් පතක් ද අලෙවිකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතර තුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් දෙකක මේ වනවිටත් ප්‍රථිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?