ඛේදවාචකයකින් අවසන් වූ ෆොක්ස් හිල් තරගාවලියෙන් පසු DJ ප්‍රසංගයක්

ඛේදවාචකයකින් අවසන් වූ දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසු ඊයේ (21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ෆොක්ස් තරගාවලියට සමගාමීව පවත්වා ඇති මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය බණ්ඩාරවෙල ජාතික නිවාඩු නිකේතන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම ප්‍රසංගය සඳහා 400කට වැඩි පිරිසක් සහභාගීව සිට ඇති අතර, ෆොක්ස් හිල් තරගාවලියට සහභාගී වූ තරගකරුවන් සහ ඔවුන්ගේ කණ්ඩායම් මෙන්ම තරගාවලිය නැරඹීමට පැමිණ සිටි පිරිස් ද මේ සඳහා එක්ව තිබෙනවා.

ඊයේ (21) රාත්‍රී 9.00ට පමණ ආරම්භ වූ මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය අද (22) අලුයම කාලය දක්වා අධික ඝෝෂාකාරී ලෙස පැවති බව අවට ප්‍රදේශවාසීන් සඳහන් කළා.

පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කර තිබූ මෙම ප්‍රසංගය සඳහා ඇතුළුවීමට ටිකට් පතක් ද අලෙවිකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතර තුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් දෙකක මේ වනවිටත් ප්‍රථිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14