spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණයින් පිරිසකගේ රුමේනියා සිහිනය දෑස් ඉදිරියේ බොඳවී ගිය හැටි – නියෝජිතයා අත්අඩංගුවට

කූඨ ලේඛණ සහ ව්‍යාජ නිල මුද්‍රා භාවිත කරමින් රැකියාවන් සඳහා රුමේනියාවට තරුණයින් පිටත් කර යැවීමේ ජාවාරමක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් වටලා තිබෙනවා.

පසුගිය 24 වනිදා තරුණයින් 05 දෙනෙකු රුමේනියාවේ රැකියාවන් සඳහා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ තිබෙනවා.

එම තරුණයින් පිළිබදව ඇති වූ සැකය අනුව ඔවුන්ව රදවාගෙන ප්‍රශ්ණ කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී තරුණයින්ගෙන් ප්‍රශ්ණ කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ආයතනයක් මාර්ගයෙන් විදේශ ගතවීමේ කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ, අනුව එම තරුණයින් සමඟ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටි රැකියා නියෝජිතයා බව පවසන පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එම රැකියා නියෝජිත ආයතනය නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය
එකක් බවයි.

සැකකරු විසින් විදේශ ගතවීම සදහා පැමිණ සිටි තරුණයින් වෙත ලබා දී තිබූ ලියකියවිලි ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබෙනවා.

එම ලියකියවිලි සකස් කිරීම සඳහා යොදා ගෙන ඇති මුද්දර, රබර් මුද්‍රා ද ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට අනාවරණය වී ඇති බව සඳහන්.

එමෙන්ම සැකකරු විසින් තරුණයින් සඳහා රුමේනියාවට ඇතුළුවීමට ලබා දී තිබූ වීසා බලපත්‍ර ද ව්‍යාජ බවට අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

අනතුරුව සැකකරුව අපරාධ විමර්ශණ අංශයට භාරදීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?