තරුණයින් පිරිසකගේ රුමේනියා සිහිනය දෑස් ඉදිරියේ බොඳවී ගිය හැටි – නියෝජිතයා අත්අඩංගුවට

කූඨ ලේඛණ සහ ව්‍යාජ නිල මුද්‍රා භාවිත කරමින් රැකියාවන් සඳහා රුමේනියාවට තරුණයින් පිටත් කර යැවීමේ ජාවාරමක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් වටලා තිබෙනවා.

පසුගිය 24 වනිදා තරුණයින් 05 දෙනෙකු රුමේනියාවේ රැකියාවන් සඳහා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ තිබෙනවා.

එම තරුණයින් පිළිබදව ඇති වූ සැකය අනුව ඔවුන්ව රදවාගෙන ප්‍රශ්ණ කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී තරුණයින්ගෙන් ප්‍රශ්ණ කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ආයතනයක් මාර්ගයෙන් විදේශ ගතවීමේ කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ, අනුව එම තරුණයින් සමඟ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටි රැකියා නියෝජිතයා බව පවසන පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එම රැකියා නියෝජිත ආයතනය නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය
එකක් බවයි.

සැකකරු විසින් විදේශ ගතවීම සදහා පැමිණ සිටි තරුණයින් වෙත ලබා දී තිබූ ලියකියවිලි ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබෙනවා.

එම ලියකියවිලි සකස් කිරීම සඳහා යොදා ගෙන ඇති මුද්දර, රබර් මුද්‍රා ද ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට අනාවරණය වී ඇති බව සඳහන්.

එමෙන්ම සැකකරු විසින් තරුණයින් සඳහා රුමේනියාවට ඇතුළුවීමට ලබා දී තිබූ වීසා බලපත්‍ර ද ව්‍යාජ බවට අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

අනතුරුව සැකකරුව අපරාධ විමර්ශණ අංශයට භාරදීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
3
+1
4
+1
8
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21
Video thumbnail
හිරේ දාන්න ඕනේ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා
07:17
Video thumbnail
එරංගගේ කතාව අහපු අර්චුනාට නහුතෙට තදවෙයි
15:33
Video thumbnail
ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයට කොන්ද නවලා සමාව ගන්න වුණා - මේ ආණ්ඩුව බ# වෙච්ච විදිය දැක්කා
09:57
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින් - ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11