පුංචි ලෝක කුසලානයේ දී ස්කොට්ලන්ත පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

2024 පන්දුවාර 20 – 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

අබුඩාබිහි දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් සියල්ලන් දැවී පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ ලකුණු 94ක් රැස් කළා.

ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ලෝර්නා ජැක් ලකුණු 24ක් රැස්කළ අතර, පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුලු 04ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 95ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා ආරම්භක පිහිකරිනියන් යුගළය පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 10යි එක් පන්දුවක් තුළ එම ඉලකය පසුකර යමින් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් හිමිකර දුන්නා.

එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 59ක් රැස්කළ අතර, විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවන ජයග්‍රහණය මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42