spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට – ශෙහාන් සේමසිංහ

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත්වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි.

එමෙන්ම විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර, එය රුපියල් 450 -500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් වූ බවයි ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය හඳුනා ගනිමින් රජය ගත් ආර්ථික ස්ථාවර කිරීමේ පියවරයන් මේ වන විට සාර්ථක වී ඇති බවත් ඒ හේතුවෙන් RELEASE රට නව සංවර්ධන මාවතකට අවතීරණය වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?