ෆොක්ස් හිල් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් ගැන තොරතුරු අනාවරණය වෙයි (වීඩියෝ)

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතර තුර ඊයේ (21) සිදු වූ මාරාන්තික අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

ඊට අමතරව තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව සහ බදුල්ල රෝහල්වල ප්‍රථිකාර ලබනවා.

මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අනතුරින් මියගිය අය අතර වැලිමඩ, ඩයරබාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනක් සිටින බවයි වාර්තා වුණේ.

ඉන් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 55ක පුද්ගලයෙක් වන අතර අනතුරින් මියගිය වයස අවුරුදු 08ක කුඩා දැරිය ද එම ප්‍රදේශයේ පදිංචිකරුවක් බව සඳහන්.

එමෙන්ම වයස අවුරුදු 19ක සීදුව, රාජපක්ෂපුර පුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ද අනතුරින් මියගිය අය අතර සිටිනවා.

අවිස්සාවේල්ල, තල්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක යුද හමුදා සෙබළෙක් ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු 62ක මාතර, රාහුල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් සහ මාතර, ගොඩගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙක් ද අනතුරින් මියගිය අය අතර සිටිනවා.

වයස අවුරුදු 20ක තරුණයෙක් ද ඊයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු අකුරැස්ස, වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් පුද්ගලයින් තිදෙනෙක් බදුල්ල මහ රෝහලේ ප්‍රථිකාර ලබන අතර, ඉතිරි පිරිස ප්‍රථිකාර ලබන්නේ දියතලාව මූලික රෝහලේයි.

ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලියේ මෝටර් රථ ධාවන තරගයක් අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් අසලට කඩා වැදී ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදු වුණා.

පාස්කු ප්‍රහාරය සිදුවීමේ පසු ආරක්ෂක හේතූන් මත නවතා දැමූ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ (21) දිනයේ යළි ආරම්භ කෙරුණේ වසර පහකට පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50