20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 05ක්

ඩුබායි හි පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තරග ඉසව් තුනකින් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (27) සමත් වුණා.

ඒ, මිටර් 400 පිරිමි සහ කාන්තා සහය දිවීමේ ඉසව් සහ මීටර් 100 පිරිමි සහය දිවීමේ ඉසව්වලදීයි.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා.

මෙම කණ්ඩායමට කෞෂාල් තමෙල්, ඉඳුවර වීරරත්න, ඉන්දුසර විදුෂාන් සහ මෙරෝන් විජේසිංහ ඇතුළත්.

තත්ත්පර 39.81ක් වූ එම කාලයත් සමඟ අවුරුදු 20න් පහළ ජාතික වාර්තාව අලුත් කරන්නට ද ඔවුන් සමත් වුණා.

මීටර් 400 සහය දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කාන්තා කණ්ඩායමට ප්‍රවින්දි දුනුසිංහ ,ජිත්මා විජේතුංග , චාරුනි ප්‍රමුදිකා, සහ නුහන්සා කොඩිතුවක්කු ඇතුළත් වුණා.

ඔවුන්ගේ තරග නිමා කාලය දැක්වුණේ විනාඩි 3යි තත්ත්පර 46.20ක් ලෙසටයි.

මීටර් 400 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

අවිශ්ක රාජපක්ෂ, ශෂින්ත සිල්වා, හසිඳු නෙත්සර සහ ජාත්‍ය කිරුළු තරගය නිමා කළේ විනාඩි 03යි තත්ත්පර 09.48 ක කාලයක් වාර්තා කරමින්.

මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවුණා.

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී පළමු පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් නෙත්මිකා මදුශානී හේරත්.

ඒ, අනුව අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දි ශ්‍රී ලංකාවට මේ වන විට පදක්කම් 05ක් හිමිව තිබෙනවා.

මේ අතර මොරොක්කෝවේ මරකෙච් හීදි පැවති ලෝක පැරා ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට ජනනී ධනංජනා සමත් වුණා.

ජනනී තරග වැදුණේ T47 කාණ්ඩයෙන්.

ඇගේ දක්ෂතාව තත්ත්පර 13.75 ක් ලෙස දැක්වුණා.

මීට අමතරව T42 කාණ්ඩයෙන් මීටර් 100 පිරිමි ඉසව්ව නියෝජනය කළ අනිල් ප්‍රසන්න රිදී පදක්කමත් බුද්ධික ඉන්ද්‍රපාල ලෝකඩ පදක්කමත් දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14