spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 05ක්

ඩුබායි හි පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තරග ඉසව් තුනකින් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (27) සමත් වුණා.

ඒ, මිටර් 400 පිරිමි සහ කාන්තා සහය දිවීමේ ඉසව් සහ මීටර් 100 පිරිමි සහය දිවීමේ ඉසව්වලදීයි.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා.

මෙම කණ්ඩායමට කෞෂාල් තමෙල්, ඉඳුවර වීරරත්න, ඉන්දුසර විදුෂාන් සහ මෙරෝන් විජේසිංහ ඇතුළත්.

තත්ත්පර 39.81ක් වූ එම කාලයත් සමඟ අවුරුදු 20න් පහළ ජාතික වාර්තාව අලුත් කරන්නට ද ඔවුන් සමත් වුණා.

මීටර් 400 සහය දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කාන්තා කණ්ඩායමට ප්‍රවින්දි දුනුසිංහ ,ජිත්මා විජේතුංග , චාරුනි ප්‍රමුදිකා, සහ නුහන්සා කොඩිතුවක්කු ඇතුළත් වුණා.

ඔවුන්ගේ තරග නිමා කාලය දැක්වුණේ විනාඩි 3යි තත්ත්පර 46.20ක් ලෙසටයි.

මීටර් 400 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

අවිශ්ක රාජපක්ෂ, ශෂින්ත සිල්වා, හසිඳු නෙත්සර සහ ජාත්‍ය කිරුළු තරගය නිමා කළේ විනාඩි 03යි තත්ත්පර 09.48 ක කාලයක් වාර්තා කරමින්.

මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවුණා.

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී පළමු පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් නෙත්මිකා මදුශානී හේරත්.

ඒ, අනුව අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දි ශ්‍රී ලංකාවට මේ වන විට පදක්කම් 05ක් හිමිව තිබෙනවා.

මේ අතර මොරොක්කෝවේ මරකෙච් හීදි පැවති ලෝක පැරා ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට ජනනී ධනංජනා සමත් වුණා.

ජනනී තරග වැදුණේ T47 කාණ්ඩයෙන්.

ඇගේ දක්ෂතාව තත්ත්පර 13.75 ක් ලෙස දැක්වුණා.

මීට අමතරව T42 කාණ්ඩයෙන් මීටර් 100 පිරිමි ඉසව්ව නියෝජනය කළ අනිල් ප්‍රසන්න රිදී පදක්කමත් බුද්ධික ඉන්ද්‍රපාල ලෝකඩ පදක්කමත් දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?