ව්‍යාපාරිකයෙකුගෙන් හිටපු ජනාධිපති ගෝඨාභයට එන්තරවාසියක්

පසුගිය සමයේ නිසි මූල්‍ය කළමණාකරණයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සිය ව්‍යාපාරයට සිදු වූ හානිය වෙනුවෙන් ව්‍යාපාරිකයෙකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට එන්තරවාසි යොමු කර තිබෙනවා.

ව්‍යාපාරිකයා තමන්නට සිදූ වූ මූල්‍ය හානිය වෙනුවෙන් ඉල්ලා සිටින වන්දි මුදල රුපියල් මිලියන 50ක්.

2019 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය අතරතුර දී තම ව්‍යාපාරයට සිදු වූ හානියට රුපියල් මිලියන 50ක වන්දි ගෙවන ලෙස දන්වා ව්‍යාපාරිකයකු වන කාලිංග සිල්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට එන්තරවාසි යවා තිබෙනවා.

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නවාඩ් කබ්රාල් යන අයට හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ එවකට සාමාජිකයන් එන්තරවාසි යොමු කළ සෙසු පිරිසයි.

නිසි මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යෑමට අපොහොසත්වීම නිසා සිය ව්‍යාපාරයට හානි සිදු වූ බව ව්‍යාපාරිකයා සිය එන්තරවාසියෙන් පෙන්වා දී තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දින 14ක් ඇතුළත එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් නඩු පවරා එම වන්දි මුදල අයකර ගැනීම සඳහා පියවරගන්නා බවයි.

නීතිඥ ප්‍රමෝද් පොල්පිටිය මගින් එම එන්තරවාසි යොමු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිටත් නිකුත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වූ තීන්දු ප්‍රකාශය අනුව රටේ ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පෙරකී පිරිස වගකිව යුතු බවට නිගමනය කර ඇති බැවින් එකී කාලසීමාව තුළදී තමන්ගේ ව්‍යාපාර කඩාවැටීමෙන් සිදුවූ හානියට එකී වන්දි මුදල අයකර ගැනීමට තීරණය කළ බව ව්‍යාපාරික කාලිංග සිල්වා සිය එන්තරවාසි මගින් පවසනවා.

රුපියල අවප්‍රමාණ වීම, ආනයන තහනම් කිරීම සහ දිනපතා සිදු වූ විදුලි කප්පාදුව හේතුවෙන් ආනයනයට අදාළ ව්‍යාපාරයක නිරතව සිටි තමන්ගේ ව්‍යාපාර කටයුතු බිඳ වැටුණු බව එම ව්‍යාපාරිකයා පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37