spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර 05කට අච්චුකර සිටි රැඳවියා ටියුබ් ලයිට් එකක් කුඩුකර ගිල දමලා

වසර 05ක සිර දඬුවමක් නියමව දුම්බර – බෝගම්බර බන්ධානාගාරයට යොමුකර සිටි රැඳවියෙක් බන්ධනාගාරය තුළ දී ටියුබ් ලයිට් එකක් කුඩුකර එහි කොටස් ගිලදැමීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

42 හැවිරිදි වියේ පසුවන මෙම රැඳවියා මහනුවර ජාතික රෝහලේ මේ වනවිට ප්‍රථිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙම රාන්දවියාට 2022 වසරේ දෙසැබ්බර් මාසයේ දී අධිකරණය මඟින් වසර 05ක සිරදඬුවමක් නියමකර ඇත්තේ සොරකම් කිරීමේ සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

තමන් සතුව ජංගම දුරකථනයක් ඇත්දැයි විමසමින් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙක් කාමරයකට රැගෙන ගොස් පහර දුන් බවත් එම අවස්ථාවේ කාමරයේ තිබූ ටියුබ් බල්බය බිඳ එහි කොටස් ගිල දැමූ බවත් අදාළ රැඳවියා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අදාළ රැඳවියා ස්කෑන් පරීක්ෂණයකට යොමුකර වාර්තාවක් ලබාගැනීමට වෛද්‍යවරු පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?