වසර 05කට අච්චුකර සිටි රැඳවියා ටියුබ් ලයිට් එකක් කුඩුකර ගිල දමලා

වසර 05ක සිර දඬුවමක් නියමව දුම්බර – බෝගම්බර බන්ධානාගාරයට යොමුකර සිටි රැඳවියෙක් බන්ධනාගාරය තුළ දී ටියුබ් ලයිට් එකක් කුඩුකර එහි කොටස් ගිලදැමීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

42 හැවිරිදි වියේ පසුවන මෙම රැඳවියා මහනුවර ජාතික රෝහලේ මේ වනවිට ප්‍රථිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙම රාන්දවියාට 2022 වසරේ දෙසැබ්බර් මාසයේ දී අධිකරණය මඟින් වසර 05ක සිරදඬුවමක් නියමකර ඇත්තේ සොරකම් කිරීමේ සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

තමන් සතුව ජංගම දුරකථනයක් ඇත්දැයි විමසමින් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙක් කාමරයකට රැගෙන ගොස් පහර දුන් බවත් එම අවස්ථාවේ කාමරයේ තිබූ ටියුබ් බල්බය බිඳ එහි කොටස් ගිල දැමූ බවත් අදාළ රැඳවියා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අදාළ රැඳවියා ස්කෑන් පරීක්ෂණයකට යොමුකර වාර්තාවක් ලබාගැනීමට වෛද්‍යවරු පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ් - බෑග් එකත් අරගෙන නිල් පාට බස් එකේ ගිය හැටි
02:50
Video thumbnail
ආණ්ඩුව ගොවීන්ව අමතක කරලා හිතුවක්කාර පාලනයක් කරනවා
06:57
Video thumbnail
බීඩි ගහගෙන හිටපු එවුන්ට බලය දුන්නා - මුන් දැන් නාඩගම් නටනවා
02:27
Video thumbnail
සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ ඇත්ත නැත්ත නි. ඇමති හෙළිකරයි - වැරදි අවබෝධයක් තියෙන්නේ
12:10
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54