වෛරස් රෝගයක් හේතුවෙන් මේ වනවිට ඌරන් බහුලව මියයාමේ සිද්ධීන් මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලින් බහුලව වාර්තා වනවා.
මෙම තත්ත්වයත් සමඟ මස් පිණිස ඌරන් මරණු ලබන ස්ථාන සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.
ඒ, අනුව ඌරන් අතර මෙම වෛරස් රෝගය බහුලව පැතිර ඇති පළාත්වල ස්ථාන වැඩි වශයෙන් පරීක්ෂාවකට ලක්කරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.
වෛරස් රෝගය වැළඳී මියගිය ඌරන් මස් පිණිසි අලෙවි කරනු ලැබුවහොත්; එම පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරනයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර වෛරසය වැළඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකිනට මහජනතාවට දැනුම්දීමක් කරනවා.
කෙසේ වෙතත් ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙන්නේ.