ආනයනික භාණ්ඩ වර්ග 05 සඳහා අලුතින් බදු පැනවීමක් සිදු නොකළ බවට රජයෙන් නිවේදනයක්

ආනයනික භාණ්ඩ වර්ග 05ක් සඳහා විශේෂිත වෙළඳ භාණ්ඩ බද්දක් ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය දා (14) රජය කටයුතු කළා.

එම බදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය මගින් මේ වනවිට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දන්වා ඇත්තේ අදාළ ආනයනික භාණ්ඩ වර්ග 05 සඳහා අලුතින් බදු පැනවීමක් සිදුනොකළ බවත්, සිදුකර ඇත්තේ මීට පෙර පනවා තිබූ බද්ද දීර්ඝ කිරීමක් පමණක් බවයි.

අදාළ විශේෂිත වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබූ 2023 ඔක්තෝම්බර් මස 14 දිනැති අංක 2353/77 දරන ගැසට් නිවේදනයේ වලංගු කාලය 2024 ඔක්තෝම්බර් මස 13 වනදා අවසන් වුණා.

කෙසේ වෙතත් එය යළිත් 2024 ඔක්තෝම්බර් මස 14 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කළ බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව පියලි කළ මයිසූර් පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පැවති ශත 25ක බද්ද ද, සම්පූර්ණ සහ පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයට පැවති සත 25ක බද්දක්ද, උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට පැවති රුපියල් 302ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද, කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අලුත් හෝ ශීතකළ මසුන් සඳහා පැවති 10%ක් හෝ කිලෝග්‍රෑමයට රුපියල් 400 යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් මෙලෙස දීර්ඝ කර තිබුණා.

එමෙන්ම මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 200 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ද, කිවි ෆෘට් කිලෝග්‍රෑමක් සඳහා පැවති රුපියල් 175ක බද්ද ද මේ මස දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කෙරුණා.

අදාළ නිවේදනය පහතින්..

WhatsApp Image 2024 10 18 at 7.52.07 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30