බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් – බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාවත් ඉහළට

බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දී හඳුන්වා දෙනු ලැබූ TIN අංක යටතේ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව එම සංඛ්‍යාව 868,009ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මේ අතර මෙම ක්‍රමය හඳුන්වාදීමට පෙර 2022/2023 තක්සේරු වර්ෂයට බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව පැවතියේ 333,313ක් ලෙස බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් 100,000කට වැඩි හෝ වර්ෂයකට රුපියල් 1,200,000කට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කර බදු ගෙවිය යුතු වනවා.

මේ අතර ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම්; බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව සනාථ කළ හැකි ලේඛන, මාර්ගගත ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත 2024 නොවැම්බර් මස 30 වන දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමුකිරීමේ පහසුකම www.ird.gow.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

2 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14