AFC Banner
Empty Ad
Empty Ad

වෙරි මතින් ඡන්ද පෙට්ටි ප්‍රවාහන කළ වෑන් රථ රියදුරා අත්අඩංගුවට

කෑගල්ල ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ සිට දැරණියගල සහ ඇහැළියගොඩ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන දෙකක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ එහි රියදුරු අද (20) රුවන්වැල්ල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එම වෑන් රථයේ රියදුරු බීමතින් සිටීම හේතුවෙන් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර, පසුව එම රියදුරු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව මේ පිළිබඳව කෑගල්ල සහකාර තේරීම්භාර නිලධාරියා දැනුම්වත් කිරීමෙන් පසු වෙනත් වෑන් රථයක් මගින් එම ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?