විශේෂ කාර්ය බලකායේ සෙබළෙක් මාදුරුඔය – ඉසෙඩ්.ඩී ඇළට බිළි (ඡායාරූප)

පොළොන්නරුව, අරලගංවිල විශේෂ කාර්ය බලකායට අනියුක්තව රාජකාරී කළ සෙබළුන් තිදෙනෙකු මාදුරුඔය – ඉසෙඩ්.ඩී ඇළට ලිස්සා වැටී අද (08) දහවල් අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.

එහිදී සෙබළුන් දෙදෙනෙකුට දිවි බේරාගැනීමට හැකිව ඇති අතර, තවත් සෙබළෙක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සෙබලුන් තිදෙනා ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටියදී රථය නවතා ඇළට බැස ඇති අතර, එහිදී පය ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ අරලගංවිල විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් රියැදුරකු ලෙස සේවය කළ සෙබළෙක්.

කෑගල්ල, රඹුක්කන, යටියන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

සෙබළුන් තිදෙනා ඇළට වැටී සිටියදී ඒ අසළින් ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු ඇළට පැන සෙබළුන් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිව තිබෙනවා.

දියේ ගිලීමෙන් අතුරුදන් වූ අනෙක් සෙබළා සොයා මාදුරුඔය විශේෂ කාර්ය බළකායේ කිමිදුම් අංශයේ නිලධාරීන් මෙහෙයුම්
දියත් කළ අතර, පැයක පමණ මෙහෙයුමකින් පසු එම සෙබළාගේ සිරුර සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42
Video thumbnail
රන්වලගේ සිද්ධිය මං දන්නෙත් නෑ..අදහසකුත් නෑ..අපි ආපදා වැඩවල ඉන්නේ..විපක්ෂය සෑහෙන අතරමං වෙලා
13:48
Video thumbnail
කළු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි තිදෙනෙකු බඩුත් එක්කම කොටුවෙයි
02:43
Video thumbnail
"ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ'වැලිකන්ද ප්‍රදේශය කම්පා කළ බිහිසුණු නාය යෑම..
03:49
Video thumbnail
හමුදාවයි තරුණයෝ සෙට් එකයි එකතුවෙලා ත්‍රීවීල් එකක් කරේ තියාගෙන යන හැටි
00:41
Video thumbnail
ඉන්දීය මහ කොමාසාරිස් මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැ දකියි
01:05


?