විශේෂ කාර්ය බලකායේ සෙබළෙක් මාදුරුඔය – ඉසෙඩ්.ඩී ඇළට බිළි (ඡායාරූප)

පොළොන්නරුව, අරලගංවිල විශේෂ කාර්ය බලකායට අනියුක්තව රාජකාරී කළ සෙබළුන් තිදෙනෙකු මාදුරුඔය – ඉසෙඩ්.ඩී ඇළට ලිස්සා වැටී අද (08) දහවල් අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.

එහිදී සෙබළුන් දෙදෙනෙකුට දිවි බේරාගැනීමට හැකිව ඇති අතර, තවත් සෙබළෙක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සෙබලුන් තිදෙනා ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටියදී රථය නවතා ඇළට බැස ඇති අතර, එහිදී පය ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ අරලගංවිල විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් රියැදුරකු ලෙස සේවය කළ සෙබළෙක්.

කෑගල්ල, රඹුක්කන, යටියන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

සෙබළුන් තිදෙනා ඇළට වැටී සිටියදී ඒ අසළින් ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු ඇළට පැන සෙබළුන් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිව තිබෙනවා.

දියේ ගිලීමෙන් අතුරුදන් වූ අනෙක් සෙබළා සොයා මාදුරුඔය විශේෂ කාර්ය බළකායේ කිමිදුම් අංශයේ නිලධාරීන් මෙහෙයුම්
දියත් කළ අතර, පැයක පමණ මෙහෙයුමකින් පසු එම සෙබළාගේ සිරුර සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34