විවාහක කාන්තාවකගේ ඡායාරූප සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරි 24 හැවිරිදි වියෙහි පසුවන ඡායාරූප ශිල්පියෙකු පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය ලේලියගේ ඡායාරූප මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් ඇයගේ පවුලේ පිරිස සහ නැන්දම්මා දැඩි ලෙස කෝපයට පත් ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවගේ සහෝදරයා සහ ඥාති සහෝදරයා ව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා සැකකරුවන් දෙදෙනා විසින් චන්දන් බින්ඩ්ව ගම්මානයේ කෘෂිකාර්මික ඉඩමකට මරණකරු ව රැගෙන ගොස් ඔහුට කිහිපවරක් පිහි ප්‍රහාර එල්ල කර පසුව මළසිරුර තිරිඟු වගාවකට විසි කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළි ව ඇත්තේ.
දින පහකට පසු ව එනම් මාර්තු 23 වන දින මළසිරුර සොයා ගන්නා ලද අතර මේ වන විට මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.
මෙම මරණකරු සහ විවාහක කාන්තාව අතර සමීප ඇසුරක් තිබී ඇති බවත්, වරින් වර ඇය ව හමුවීමට උත්සාහ කළ ද ඇය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම සිද්ධියෙන් සිත් තැවුලට පත් වූ අදාළ ඡායාරූප ශිල්පියා විවාහක කාන්තාවගේ ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් හි පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනයට යොදාගත් පිහි 03ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.