විවාහක කතකගේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරි ඡායාරූප ශිල්පියෙකු ඝාතනය කෙරේ

විවාහක කාන්තාවකගේ ඡායාරූප සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරි 24 හැවිරිදි වියෙහි පසුවන ඡායාරූප ශිල්පියෙකු පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය ලේලියගේ ඡායාරූප මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් ඇයගේ පවුලේ පිරිස සහ නැන්දම්මා දැඩි ලෙස කෝපයට පත් ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවගේ සහෝදරයා සහ ඥාති සහෝදරයා ව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා සැකකරුවන් දෙදෙනා විසින් චන්දන් බින්ඩ්ව ගම්මානයේ කෘෂිකාර්මික ඉඩමකට මරණකරු ව රැගෙන ගොස් ඔහුට කිහිපවරක් පිහි ප්‍රහාර එල්ල කර පසුව මළසිරුර තිරිඟු වගාවකට විසි කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළි ව ඇත්තේ.

දින පහකට පසු ව එනම් මාර්තු 23 වන දින මළසිරුර සොයා ගන්නා ලද අතර මේ වන විට මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.

මෙම මරණකරු සහ විවාහක කාන්තාව අතර සමීප ඇසුරක් තිබී ඇති බවත්, වරින් වර ඇය ව හමුවීමට උත්සාහ කළ ද ඇය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් සිත් තැවුලට පත් වූ අදාළ ඡායාරූප ශිල්පියා විවාහක කාන්තාවගේ ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් හි පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට යොදාගත් පිහි 03ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59