විභාගයේදී කොපි කලාට ගුරුවරිය දොස් කියද්දී එකපාරටම ළමයා අසනීප වෙලා.

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනී සිටින අතරතුරදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව ඊයේ (06) දා මියගොස් තිබෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරනායකපුර විද්‍යාලයේ 09 වන ශේණියේ අධ්‍යාපනය ලබමින් සිටි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම පදිංචි 14 හැවිරිදි රවිෂා ධනංජනී නැමැති දැරියක් බවයි සඳහන් වන්නේ.

මෙම සිසුවිය වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින අතරතුරදී අසනීපව මෙසේ වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කර පසුව පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඥාතීන් චෝදනා කරනුයේ අදාළ දැරිය වාර විභාගයට පෙනීසිටිමින් පිළිතුරු සැපයීමේදී කොපි කිරීමක් සම්බන්ධව ගුරුවරියක දොස් තැබීමෙන් පසුව දැරිය එකවර අසනීප වී ඇති බවයි.

එසේ අසනීපව සිටි දැරිය රෝහල් ගත නොකර විනාඩි 45කට අධික කාලයක් පාසල තුල රඳවා මවට දැනුම් දී මව පැමිණීමෙන් පසුව වනාතවිල්ලුව රෝහලට ත්‍රීරෝද රථයකින් යවා ඇති බවද ඥාතීන් සඳහන් කළා.

සිසුවිය වනාතවිල්ලුව රෝහලේදී ද තවත් පැය භාගයකට ආසන්න කාලයක් තබාගෙන පුත්තලම මුලික රෝහලට එවා ඇති බවත් එම ප්‍රමාදය හේතුවෙන් දැරියගේ ජීවිතය අහිමි වූ බවද ඥාතීන් චෝදනා නඟනවා.

එසේම දැරියගේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සම්බන්ධව බරපතළ සැක මතු වී ඇති බවත්, කිසිඳු රෝගයක් නොතිබූ දැරිය මෙසේ මරණයට පත්වීම ගැටළු සහගත තත්ත්වයක් බවත්ය.

දැරිය පුත්තලම මුලික රෝහලේදී මියයාමෙන් පසුව පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් රෝහලට පැමිණ සිටි බවටද සඳහන්.

කෙසේ වෙතත් ඥාතීන් නඟන චෝදනා විද්‍යාලයේ විදුහල්පති ප්‍රතික්ෂේප කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නමුත් ඥාතීන් පවසන්නේ මේ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා වනාතවිල්ලුව පොලිසියට පැමිණිලි කර තිබෙන බවයි.

කෙසේ වෙතත් පී.සී.ආර් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?