විභාගයේදී කොපි කලාට ගුරුවරිය දොස් කියද්දී එකපාරටම ළමයා අසනීප වෙලා.

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනී සිටින අතරතුරදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව ඊයේ (06) දා මියගොස් තිබෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරනායකපුර විද්‍යාලයේ 09 වන ශේණියේ අධ්‍යාපනය ලබමින් සිටි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම පදිංචි 14 හැවිරිදි රවිෂා ධනංජනී නැමැති දැරියක් බවයි සඳහන් වන්නේ.

මෙම සිසුවිය වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින අතරතුරදී අසනීපව මෙසේ වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කර පසුව පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඥාතීන් චෝදනා කරනුයේ අදාළ දැරිය වාර විභාගයට පෙනීසිටිමින් පිළිතුරු සැපයීමේදී කොපි කිරීමක් සම්බන්ධව ගුරුවරියක දොස් තැබීමෙන් පසුව දැරිය එකවර අසනීප වී ඇති බවයි.

එසේ අසනීපව සිටි දැරිය රෝහල් ගත නොකර විනාඩි 45කට අධික කාලයක් පාසල තුල රඳවා මවට දැනුම් දී මව පැමිණීමෙන් පසුව වනාතවිල්ලුව රෝහලට ත්‍රීරෝද රථයකින් යවා ඇති බවද ඥාතීන් සඳහන් කළා.

සිසුවිය වනාතවිල්ලුව රෝහලේදී ද තවත් පැය භාගයකට ආසන්න කාලයක් තබාගෙන පුත්තලම මුලික රෝහලට එවා ඇති බවත් එම ප්‍රමාදය හේතුවෙන් දැරියගේ ජීවිතය අහිමි වූ බවද ඥාතීන් චෝදනා නඟනවා.

එසේම දැරියගේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සම්බන්ධව බරපතළ සැක මතු වී ඇති බවත්, කිසිඳු රෝගයක් නොතිබූ දැරිය මෙසේ මරණයට පත්වීම ගැටළු සහගත තත්ත්වයක් බවත්ය.

දැරිය පුත්තලම මුලික රෝහලේදී මියයාමෙන් පසුව පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් රෝහලට පැමිණ සිටි බවටද සඳහන්.

කෙසේ වෙතත් ඥාතීන් නඟන චෝදනා විද්‍යාලයේ විදුහල්පති ප්‍රතික්ෂේප කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නමුත් ඥාතීන් පවසන්නේ මේ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා වනාතවිල්ලුව පොලිසියට පැමිණිලි කර තිබෙන බවයි.

කෙසේ වෙතත් පී.සී.ආර් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28