හොරොව්පතාන වනජීවී කලාපයට අයත් සිංහල වලහා විද්දවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් පමණ වයසැති ඇතෙකු බව හොරොව්පතාන වනජීවී කාර්යාලය සදහන් කරනවා.
අද උදෑසන 10.00 ට පමණ මෙම ඇතා වෙල් යායේ වැටී සිටින ආකාරය දැක ඇති අතර පසුව මේ පිළිබඳව හොරොව්පතාන වනජීවී කාර්යාලයේ නිළදාරීන් දැනුවත් කළ ඇති අතර ඒ පිළිබඳව වනජීවී නිළදාරීන් පැමිණ එම ස්ථානය නීරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පතාන සිංහල වලහා විද්දවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 හැවිරිදි පුද්ගලයෙකු බව හොරොව්පතාන වනජීවි කාර්යාලය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හොරොව්පතාන වනජීවී කාර්යාලය විසින් සිදුකරනු ලබනවා.




